දියගල මාර්ගයේ එක් මංතීරුවක් වසයි



සුදත් එච්. එම්. හේවා  
 
මධ්‍යම කඳුකරයට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් හැටන් කොළඹ මාර්ගයේ දියගල ප්‍රදේශයේ නාය ගොස් ඇති පස් නිසි ලෙස ඉවත් කිරිමට නොහැකි වීමත් සමඟ තවදුරටත් එම මාර්ගයේ එක් මංතිරුවක් වසා දැමිමට පියවර ගෙන ඇත.


මෙම ස්ථානයේ පස් කන්ද මේ වන විට තුන් වරක් නායයාමට ලක්වු අතර මෙහි තවදුරටත් නාය යාමේ තර්ජන පවතින බැවින් එහි පස් නිසි ලෙස සම්පුර්ණයෙන් ඉවත් කිරිමට නොහැකි තත්වයක් හටගෙන තිබේ.


එම තත්වයන් මත නායයාමට ලක්වු එම ප්‍රදේශයේ එක් මංතිරුවක් තවදුරටත් වසා දමා ඇති අතර රථ වාහන ධාවනය කරවීම සඳහා එක් මංතිරුවක් පමණක් විවෘත කර ඇත.