දියගම කෘෂි තාක්ෂණ ඒකකය ක්‍රීඩා අමාත්‍යංශයට පවරාගැනීමට එරෙහිව විරෝධතාවක්


(  කේ බුද්ධික කුමාරසිරි)
 
හෝමාගම දියගම පිහිටි පරිසර හිතකාමී කෘෂි තාක්ෂණ ඒකකය කී‍්‍රඩා අමාත්‍යාංශයට පවරා ගැනීමට කටයුතු කර ඇතැයි පවසමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමක් ඇතුළු ප‍්‍රදේශවාසීහු පිරිසක් අද (21) එම මධ්‍යස්ථානය ඉදිරිපිටදී විරෝධතාවයක නියැලුණහ.
 
අනතුරුව පිරිස අදාල කෘෂි තාක්ෂණ ඒකකයෙහි නිරීක්ෂණ චාරිකාවක ද නියැලූණු අතර මෙම කෘෂි තාක්ෂණ ඒකකය කී‍්‍රඩා අමාත්‍යාංශයට පවරා ගැනීමට කිසිදු ලෙසකින් ඉඩ නොතබන බවද එම අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්  වන චමල් රාජපක්ෂ සහ බන්දුල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු පලාත් සභා හා පාලාත් පාලන මන්තී‍්‍රවරු ඇතුළු ප‍්‍රදේශවාසීන් රැසක් සහභාගී වු අතර විරෝධතාවටද සහය වුහ.