බිමල් ශ්‍යාමන් ජයසිංහ
රත්මලාන අගුලාන සයුරුපුර මුහුදු වෙරලේ විනෝදයට දිය නාමින් සිටිය දී අතුරුදන් වු සිසුවාගේ හා තරුණයාගේ මළ සිරුරු අද (18) රත්මලාන දුම්රිය ස්ථානය අසල මුහුදු වෙරළේ දී සොයාගත් බව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ රත්මලාන කොතලාවල මහා විද්‍යාලයේ සාපෙළ විභාගයට පෙනී සිටි කවිදු රන්දුල (16) හා රත්මලාන බෝධිරුක්ඛාරාම පදිංචි සුපුන් මධුෂංක (26) නැමැති තරුණයෙකි.




