දිඹුලාගල අයවැය සම්මතයි


(නිමල් ජයරත්න)

ජාතික ජන බලවේගයට බලය හිමි දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ 2026 වසර සදහා වූ අයවැය වැඩි ඡන්ද හතරකින් සම්මත විය.

අයවැයට පක්ෂව ජාතික ජනබල වේගයේ සභිකයන් 13 දෙනාම ජන්දය භාවිතා කළ අතර,සමගි ජනබල වේගයේ සභිකයන් හයක්,ශ්‍රි ලංකා නිදහස් පෙරමුණේ සභිකයින් දෙකක්, එක්සත් ජාතික පක්ෂයේ සභිකයකු අයවැයට විපක්ෂව ජන්දය භාවිතා කළහ.

දිඹුලාගල බල ප්‍රදේශයේ වැලි සම්පතේ අයිතිය ලබන වසරේ සිට සභාවට පවරා ගැනිමට සියලු මංත්‍රිවරුන් යෝජනා කළ අතර එය ඒකමතිකව සම්මත වීමද විශේෂයක් විය.

ඒ අනුව වැලි සම්පතේ අයිතිය සභාව සතු කරගත් වහාම දිඹුලාගල සහ පොලොන්නරුව ජනතාවට ඉතා සහන මිලට වැලි ලබාදීමට හැකි වනු ඇති බවද සභාපති ගයාන් චතුරංග මහතා ප්‍රකාශ කලේය.

මෙ මගින් පොලොන්නරුව ,මනම්පිටිය ,වැලිකන්ද ,මාදුරුඔය 503 කලාපයේ වැලි මාෆියාව හා ඒකාධිකාරිය බිදියමින් , වැලි වලින් ලබන විශාල ආදායමෙන් ජනතාවට සුවිසල් සංවර්ධනයක් කිරිමට හැකි බවද සභාපති ගයාන් චතුරංග මහතා වැඩිදුරටත් සදහන් කළේය.