(තරිඳු ජයවර්ධන)
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මහතාට පොලිස් ඇප ලබාදීමේ සිද්ධිය පොලිස්පතිවරයාගේ අවධානයට ලක්වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
බීමතින් රිය පදවා අනතුරක් කිරීම සහ අනතුරට ලක්වූ තැනැත්තා රෝහල් ගත වී සිටීම සැලකිල්ලට ගෙන ඔහුට පොලිස් ඇප ලබා නොදී අධිකරණයට ඉදිරිපත් කළා නම් වඩාත් හොඳ යැයි ද ඒ මහතා කීවේය.
පොලිස් ඇප ලබා දෙද්දී රථවාහන නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම්වත් කර නොමැති බව ද පොලිසිය කියයි.
කෙසේ වෙතත් අනතුරට ලක්වූ තැනැත්තා වැඩිදුර විමර්ශන අවශ්‍ය නැති බවට ප්‍රකාශයක් ලබාදී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
හෙට උදේ කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දිමුත් කරුණාරත්න මහතාට දැනුම් දී තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් කාන්ත මහතා බීමතින් රියපදවා අනතුරක් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ රිමාන්ඩ් බාරයේ පසුවූ බව ද පොලිසිය සඳහන් කළේය.

