(රොෂාන් ගුණරත්න)
කොරෝනා (කොවිඞ් - 19) වයිරසය ජාත්‍යන්තර ක්‍රීඩාවට මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවටද අති විශාල බලපෑමක් කර තිබේ. එබැවින් ක්‍රීඩකයින් සිය පුහුණුවීම් ඇතුළු දෛනික කාර්යයන් වලින් වැලකී, ක්‍රීඩාවෙන් ඈත්වී සිය නිවෙස් වලටම වී කල් ගෙවති.
මේ අතර සොබාදහමත් සමගින් ජීවත්වීමේ අගය ලොවට කියා පාමින් ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ නමින් සිය ගෙවත්තේ පැල සිටුවීමේ ව්‍යාපෘතියකටද ඔව්හු එක්වී සිටිති. ඒ සම්බන්ධයෙන් ඡායාරූප පෙළක් ක්‍රීඩකයින්ගේ ට්විටර් මාධ්‍ය ජාලයන්හී මේ වනවිට දැක ගැනීමට හැකිවනු ඇත.
එක් ක්‍රීඩකයකු විසින් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට මේ සඳහා ආරාධනා කරන අතර එය පිළිගන්නා ක්‍රීඩකයින් සිය ගෙවත්තේ පැල සිටුවන ඡායාරූප සිය ට්විටර් ගිණුමේ පළකළ යුතුය.
මේ වනවිට ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ධම්මික ප්‍රසාද්, ජීවන් මෙන්ඩිස් යන ක්‍රීඩකයෝ ‘හෝම් ගාර්ඞ්න් චැලේන්ජ්’ අභියෝගය බාරගෙන සිටිති. එහෙත් තවත් ක්‍රීඩකයන් රැසක් මෙම ප්‍රතිචාර දක්වන තුරු ට්විටර් සමාජ ජාලය ඔස්සේ එම ක්‍රීඩකයන් අනුගමනය කරන ක්‍රිකට් ලෝලීහු බලාපොරොත්තුවෙන් සිටිති.





