දිනූෂාගෙන් ලෝකඩ පදක්කමක්


විසි එක්වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙගේ තරග ආරම්භ කරමින් අද (5 වැනිදා) පැවැති බර ඉසිලීමේ තරගයකදී කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට  ශ්‍රී ලංකාවේ දිනුෂා හංසනී ගෝමස් සමත් වූවාය. 

ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 70 ක් එසවූ හංසනී, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 85 ක් එසවූවාය. ඇය විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 155 කි.

මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාවේ චානු  සයිකොම් (කිලෝ ග්‍රෑම් 196) විසින් දිනාගන්නා ලද අතර රිදී පදක්කම මුරුසියේ රෝලියා රනයිවසෝවා (කිලෝ ග්‍රෑම් 170) විසින් දිනා ගන්නා ලදී.

(036)