දිනාගත් සාමය රකින්න ජනපති උතුරට අත දිගු කරයි


දිනාගත් සාමය රැක ගනිමින් රට නැංවීමට සියලුදෙනා ජාති, ආගම් හා කුල බේද දුරැර එක්විය යුතුයැයි මහින්ද රාජපක්ෂ ජනපති යාපනයේ දී පැවැසීය. එහි ප්‍රගති සමාලෝචන සමුළුව අමතමින් ජනපති කීවේ රජය මුළු ලංකාවටම එකසේ සලකන බවයි. ‘‘අප මැජික් කාරයන් නොවේ. ඒත් උතුරටත් දකුණටත් එකසේ වැඩ කරනවා‘‘ යැයි කීවේය. ඇතැම් මාධ්‍ය බොරු පතුරු වන බවත් මාධ්‍ය එවැනි පහත් මට්ටමට නොවැටිය යුතු බවත් ජනපති පැවැසීය.