දිනකට ජීවිත 800ක් නැති කරයි


ශ්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සා අටසීයයක් පමණ සිදුවෙතියි සමීක්ෂණයකදී හෙළි වී ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය කියයි. ගබ්සා කරගන්නා කාන්තාවන් අතරින් සියයට අසූවක් වයස අවුරුදු 35 ඉක්ම වූ අය බව ද වසරකට සජිවී උපත් තුන්ලක්ෂ අසූදහක් සිදුවන විට ගබ්සා කිරීම් දෙලක්ෂ අනූදහසක් සිදුවන බව ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප‍්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පවසයි.