(තිලිණි ද සිල්වා)
ඉදිරි තෙදින තුළ දිවයිනේ සියලු අධිකරණවලදී, දින නියම වූ නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම කියයි.
ඒ අනුව හෙට (17) සිට ලබන 20 වැනිදා තෙක් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල නඩු වෙනත් දිනයන් හි කැඳවන බව එම කොමිසම කියා සිටී.
එම නඩු අප්‍රේල් මුල් සතියේ කැඳවීමට තීරණය කළ බව අධිකරණ සේවා කොමිසම කියයි.

