දින තුනක බිළිඳියක් බස් නැවතුමේ දමා ගොසින්


(සිතුම් චතුරංග)
       
දින තුනක් පමණ වයසැති කුඩා බිළිඳියක කිලිනොච්චිය රෝහල ඉදිරිපිට බස් හෝල්ට් එකක් තුළ දමාගොස් සිටියදී  අද (10) ප‍්‍රදේශවාසීන් පිරිසකට හමුව ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි.

ඉපදී දින තුනක් පමණ වන කුඩා බිළිඳිය රෙදිකඩ කිහිපයකින් ඔතා බස්හෝල්ට් එක තුළ දමා ගොස් සිටි බවත් උදෑසන බස්රථ වලින් රාජකාරී සඳහා ගමන් කිරීමට පැමිණි පිරිසක් දැක ඇතැයිද පොලිසිය පවසයි.

බිළිඳිය කිලිනොච්චිය මහ රෝහලේ ළඳරු ඒකකය වෙත ඇතුළත් කළ බවත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

කිලිනොච්චිය පොලිසිය පැවසූයේ බිළිඳිය ගෙනවිත් දැමූ කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ප‍්‍රදේශයේ සී.සී.ටී.වී දර්ශනද පරීක්ෂා කිරීම් සිදුකරන බවත්ය.