දිගු මෙහෙයුමකින් ‘නැට්ට කොටා‘ අල්ලයි


මාතලේ දිස්ත‍්‍රික්කයේ ’නැට්ට කොටා’ නමින් හඳුන්වන දෑස් නොපෙනෙන හා කන් නෑසෙන දරුණු වල් අලියකු දිගු මෙහෙයුමකින් පසු අල්ලා ගත් බව වනජීවි නිලධාරිහු කියති.

ගම්මාන වල බව බෝග විනාශ කරමින් දේපලවලට අලාභ හානි කරමින් ජනතාව බිය වැද්දු නැට්ට කොටා ඇල්ලීමට ඇලහැර අඩවි ආරක්ෂක කේ. රංජිත් විජිත මහතාගේ උපදෙස් පරිදි වයඹ අලි ඇල්ලිමේ වන ජීවි නිලධාරි කන්ඩායම සමග නිලධාරින් 21 දෙනෙකු මෙහෙයුමට සහභාගි වූහ.

වන ජීවි දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් අනතුරුව අලියා සුදුසු ප‍්‍රදේශයකට මුදා හරින බව විජිත මහතා පැවසීය.