(රංජන් කස්තුරි)
මහනුවර දිගන ප්‍රදේශයේ ඉකුත්දා පැවැති නොසන්සුන්කාරී සිදුවීම්වලට සම්බන්ධ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් පොලිසිය ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දෙන මාධ්‍ය සාකච්ඡාවේදීය.
එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ යම් යම් ක්‍රියාමාර්ග සහ ඔහු පොලිස් ස්ථානයට ගොස් සිදු කර තිබෙන බලපෑම් ආදිය පිළිබඳ කරුණු මේ වන විට හෙළිවී තිබෙන බව ද ඇමැතිවරයා කීවේය.
මෙම මන්ත්‍රීවරයා කවුරුන්දැයි ඉදිරියේදී රටට හෙළිකරන බව ද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

