( චමිල් රූපසිංහ)
දිගන, රජවැල්ල නිවසක් තුළ පියෙකු හා ඔහුගේ වයස අවුරුදු පහක් සහ දහතුනක් වන දරු දෙදෙනා අභිරහස් ලෙස පිළිස්සී මියගොස් සිටියදී සොයාගත් බව මැණික්හින්න පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ දිගන රජවැල්ල දෙවන ජනපදයේ පදිංචි ඉන්දික පුෂ්පකුමාර ප්‍රේමතිලක (37), නවාංජනා ප්‍රේමතිලක (13) හා ගයාන් ප්‍රේමතිලක (05) නැමැති අය බව හඳුනාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයා ඔහුගේ දරු දෙදෙනා සමඟ ඉකුත් දින (09) රාත්‍රියේ අසළ නිවසකින් ඉඳිආප්ප රැගෙන නිවෙසට ගොස් තිබෙන බවත් අලුත් අවුරුද්ද සදහා දරුවන්ට ඇදුම් ගෙනා බවත් තොරතුරු අනාවරණය වී ඇත.
දරුවන්ගේ මව විදේශ ගතව සිටින අතර පියා අධික ලෙස ණය වී සිටි නිසා ජීවිත හානියක් සිදු කරගත්තේ දැයි සැකයක් පවතින බව ප්‍රදේශවාසිහු කියති.
සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලීසිය පරීක්ෂණ පවත්වයි.