මාතර කතරගම පාරේ දික්වැල්ලේ අධික වාහන තදබදයක් පවතී කතරගම පැත්තට යාමටවත් කතරගම සිට මාතර දෙසට ඒමටවත් නොහැකිව පැය දෙකක් තිස්සේ හිරවී සිටින බව රජයේ නිලධරයෙක් දුරකථනයෙන් කීවේය. වැව්රුකන්නල පන්සලේ පෙරහැර ත් බතීගම විහාරස්ථානයේ පෙරහැරත් වීථි සංචාරය කිරීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වී ඇත.


