දික්වැල්ලේ 38කට ඇප


දික්වැල්ලේ යෝනක පුරයේ දී ගිය සිකුරාදා දෙපාර්ශවයක් අතර වූ ගැටුමේ දී   නව දෙනකුට තුවාල සිදුකරමින් නිවාස 16කට අලාභහානි කළැයි සැකපිට අත්අඩංගුවට ගත්  38 දෙනෙක් රුපියල් පනස් දහස බැගින් ශරීර ඇපමත ඇප මත මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය මුදා හරිනු ලැබූහ.  දික්වැල්ල පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කෙළේය.