
(පද්මසිරි ගාර්දියවසම්)
දික්වැල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි චෙක් ජාතික විදේශීය සංචාරකයෙකු අද (10) සවස 01 ට පමණ මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය
මෙම විදේශීය සංචාරකයා ලංකාවට ඊයේ (09) පැමිණ, දික්වැල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන ඇතැයි පොලිසිය කීවේය .
මුහුදේ ගිලුණු සංචාරකයා ගොඩට ගෙන 1990 ගිලන් රථයකින් වහා දික්වැල්ල බතීගම රෝහලට ඇතුළත් කලද එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ .
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ චෙක් ජනරජයේ පදිංචි කරුවෙකුවූ ස්වේටන් ජාන් (svaton jan) නමැති අයෙකි .
දික්වැල්ල පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .

