දික්ඕවිටින් දියඹට ගිය යාත්‍රාව මංගල ගමනේදීම ගිනිගනී


( ජුඩ් සමන්ත)
 
දික්ඕවිට  ධිවර වරායෙන් ගමන් ඇරැඹු “ජනත් පුතා 2” ධීවර යාත්‍රාව හික්කඩුවට කිලෝ මීටර් 51 ක් දුරදියඹේ ගිනි ගනිමින් පවතින බව ධීවර අමාත්‍යාංශය සදහන් කරයි.

එකම ව්‍යාපාරිකයෙකු විසින් ධීවර අමාත්‍යංශය මගින් ලබා දුන් සහනාධාර යටතේ   “ජනත් පුතා 1” සහ “ජනත් පුතා 2” නමින් ධීවර යාත්‍රා දෙකක් නිෂ්පාදනය කර  එම  යාත්‍රා දෙකම අද (22)  මංගල ගමන පිටත් වී ටික වේලාවකින් මෙම අනතුරට මුහුණ දී ඇත.

මෙම යාත්‍රාවේ  දිග අඩි 60 කි. වටිනාකම රුපියල් කෝටි 03ක් බවද කියයි.

ජනත් පුතා 2 යාත්‍රාවේ ගමන් කරමින් සිටි ධීවරයින් ඒ සමඟ  ගමන් කරමින් තිබූ ජනත් පුතා 1 යාත්‍රාවේ සිටි ධීවරයින් විසින් බේරා ගෙන ඇත.