ගලේවෙල බෙලිගමුව වත්තේ පැල්පතක ජීවත් වන දෑස් නොපෙනෙන කේ සෙල්වරාජ් කුලියට පොල් ලෙලි ගසා ලැබෙන මුදලින් 16 හැවිරිදි රෝගී පුතා ජීවත් කරවයි.
මීට වසර ගණනාවකට පෙර පහර කෑමකට ලක් වීම නිසා සෙල්වරාජ්ගේ දෑස් අහිමි විය.
ඔහුගේ එක් දරුවකු විවාහ වි සිටී. දෑස් නොපෙනුනත් ඔහු දෑස් පෙනෙන අය සමඟ හරි හරියට වැඩ කරන්නට සමතෙකි. පොල්අතු වියන්නට ද ඔහු දක්ෂයෙකි .
ඔහුටම කියා ඉඩමක් ද නැති සෙල්වරාජ් රජයට අයිති බෙලිගමුව පොල්වත්තේ කුඩා නිවසක් තනාගෙන ජීවත්වෙයි. සෙල්වරාජ්ගේ දුරකතන අංකය. 072-5692301

