පානදුර කේතුමතී කාන්තා රෝහලේදී උපත ලද තම දෑත් අහිමි දරුවා ප්‍රතික්ෂේප කළ යුවළක් පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අද (19) රුපියල් ලක්ෂය බැගින්වූ ඇප මත නිදහස් කළේය.
උපතින්ම දෑත් අහිමි දරුවා බාර ගැනීම ප්‍රතික්ෂේප කළ එම දෙමාපියන්ට විරුද්ධව රෝහල පොලිසියට කරුණු දැක්වීමෙන් පසු යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය ක්‍රියා කළේය.
දරුවා පරිවාස භාරයට පත් කළ අධිකරණය දරුවාගේ වෛද්‍ය වාර්තාවක් මෙන්ම මවගේ මානසික තත්ත්වය පරීක්ෂාකර වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කරන ලෙස දැන්වීය.



