(නාලක සංජීව දහනායක)
රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත්කර තිබේ.
ඔහු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති නිල නිවසේදී අද (11) වැනිදා සිය පත්වීම් ලිපිය ලබාගත්තේය.
මෙරට ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා විදෙස් සමාගමකින් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් මත රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මහතා පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසු ඔහුගේ වැඩ තහනම් කෙරිණි.
ඒ පුරප්පාඩුවට පසුගිය 4 වැනිදා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුරුද්ධ පොල්ගම්පළ මහතා පත් කළ අතර ඔහුටද දුෂණ චෝදනා එල්ලවීමෙන් ඊයේ (10) වැනිදා එම පත්වීම අවලංගු කෙරිණි.
නව සභාපතිවරයා ලෙස පත්කරනු ලැබ සිටින ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ පෙරමුණේ සභාපතිවරයා ද වන අතර කෙටි කලක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.