(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉංග්‍රීසි ඉගෙන ගැනීමට පානදුර ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයාගේ නිවසට ගිය දැරියන් දෙදෙනෙකුට එම ගුරුවරයා ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වරද පිළිගත් හෙයින් මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා අද (18) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පිරිවෙන් ගුරුවරයෙකි.
එදිනට චෝදනා පත්‍ර ගොනු කරන ලෙසද දැරියන් දෙදෙනා වෛද්‍යවරයෙකු හමුවට යොමු කර එදිනම වාර්තාව ඉදිරිපත් කරන ලෙසද වැඩිදුරටත් නියෝග කළේය.
පැය දෙකක කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා සැකකාර ගුරුවරයාගේ නිවසට දැරියන් ඉකුත් 16 වැනිදා ගොස් තිබූ අතර එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ ගුරුවරයා පමණක් බවද එම දැරියන්ගෙන් ප්‍රකාශ වලින් හෙළි වූ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

