ඩබ්ලිව් ඒ පියතිලක සහ ක.ග කරුණාරත්න
මෙයට වසර 16 කට පෙර එනම් 2002 වසරේදී පොළොන්නරුව, පුලස්තිපුර පොලිස් වසමේ පදිංචි 14 හැවිරිදි බාලවයස්කාර දැරියක පැහැරගෙන ගොස් අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු සහ වෙළෙන්දකු අද(11) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලොන්නරුව කොට්ඨාස පොලිස් බුද්ධි අංශය මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව එහි පොලිස් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
යාපනය, තිරික්කෝවිල් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරක සේවය කරන සෙබළා 42 හැවිරිදි අයෙකි. රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 50 හැවිරිදි අනෙක් සැකකරු සති පොළක වෙළඳාම් කිරීම රැකියාව වශයෙන් කරන බවද පොලිසිය කියයි.