දැරියට අතවර කළ පුද්ගලයා මවගේ පිහි පහරින් මරුට



 
 
ශිරාන් රණසිංහ
 
පස්හැවිරිදි දැරියකට ලිංගික හිරිහැර කළැයි කියන පුද්ගලයකුට එම දැරියගේ මව එල්ල කළ පිහි ප්‍රහාරයකින් සැකකරු රෝහල් ගත කිරිමෙන් පසු මිය ගිය බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා අංගොඩ මණ්ඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එම සිද්ධිය වන අවස්ථාවේ මව සහ පියා නිවසේ සිට නැති අතර සවස නිවසට ආ මවට සහ පියාට එම සිද්ධිය පිළිබඳව දැරිය දැනුම් දී තිබේ.


සිද්ධිය සැල වු සැණින් කෝපයට පත් වු මවත් පියාත් ඒ පිළිබඳ විමසීමට සැකකරු සොයා ඔහුගේ නිවසට ගොස් ඇත.


සිද්ධීය පිළිබඳ විමසිමේ දී දෙපාර්ශවය අතර ඇති වු බහින් බස්වීමේදී දැරියගේ මව ඒ අසල තිබු පිහියකින් සැකකරුට පහර දී ඇත.