උදරයට වැදුණු තද පහර නිසා බඩවැල් පිපිරීමෙන් හා අසූචි අමාශයේ හිරවීම නිසා පිළියන්ද නිවුන්ගම දැරිය මියගොස් ඇතැයි කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී. සෙනෙවිරත්න මහතා මහතා තීරණය කෙළේය. දැරියගේ සිරුර මිත්තනියට බාර දෙන ලෙස ද නියෝග කැරිණි.
මරණයක් වසන් කිරීමේ චෝදාන යටතේ දැරියගේ මව අත්අඩංගුවට ගැනීමට නියමිත බව පිළියන්දල පොලිසිය කියයි.

