(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී 16 හැවිරිදි තරුණියක පිළිස්සී මිය යාමේ සිද්ධියට අදාළව රිෂාඩ් බදුයුදීන් මහතාගේ බිරිඳ ඇතුළු තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.
සෙසු දෙදෙනා අතර බදියුදීන් මහතාගේ බිරිඳගේ ඥාතියකු සහ නිවසේ රියදුරකු වූ වන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
විශේෂ පොලිස් කණ්ඩායමක් අද එම නිවසට ගොස් දැරිය රැඳී සිටි කාමරයේ ඇතුළු නිවස පරීක්ෂාවට ලක් කර තිබිණි.
දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු 15 දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව කර ගත් බව පොලිසිය පවසයි .

