දැරියක් අපයෝජනය කළ සුළු පියා අත්අඩංගුවට


 (ජේ.කේ.එල් චාමින්ද කරාපිටිය  පි.ඩබ්ලිව් ප්‍රේමතිලකද සිල්වා)
 

නව හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතල  ලෙස ලිංගික  අපයෝජනය කළ එම දැරියගේ මවගේ දෙවැනි විවාහයේ  සැමියා  අද (25) දහවල් අගුළුගහ ඇටමැස්ස කන්දේ දි අත්අඩංගුවට ගත්බව  ඉමදුව පොලිසිය පවසයි.

සැකකරු 31 හැවිරිදිවියේ පසුවන එදිනෙදා කුලි වැඩකරන අයෙකි. මොහු මිටපෙර විවාහ වි සිටි අයෙකුවන  බවද පොලිසිය පවසයි.

සැකකරු විසින් මෙම දැරිය 2019 වර්ෂයේ සිට දිනකට එක්වතාවක් හෝ  බරපතල ලෙස ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශනවලදි අනාවරණය වි ඇත. සැකකරු විසින් දැරියගේ මව ,ආච්චි හා සියා බිය  ගන්වා තර්ජනය කොට මෙකි බාලවස්කාර දැරිය අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය කළ පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
 
දැරියගේ මව 2019 වර්ෂයේ දි දරුප්‍රසුතිය සදහා රෝහල්ගත වීමෙන් පසුද දැරිය සැකකරු විසින් බරපතල ලෙස  අපයෝජනයට ලක් කිරිමට පටන්ගෙන ඇති බව පොලිසිය පවසයි.

දැරියගේ මවට දෙවැනි කසාදයේ සැමියා වන සැකකරුගෙන් වයස අවුරුදු එකහමාරක දරුවෙකුද සිටින බව පොලිසිය පවසයි.

සැකකරු විසින්  නිවැසියන් සිරකොට ගෙන සිට ඇති බවත් පොලිසිය පවසයි. සැකකරු විසින්  දැරියගේ මවට හා ආච්චිට පහරදිමෙන් ඇති තුවාල කළැල්  ඔවුන්ගේ සිරුරුවල දක්නට ඇති බවද පොලිසිය පවසයි. බාලවයස්කාර දැරිය, ඇයගේ අච්චි හා සියා අධිකරණ වෛද්‍යපරික්ෂණය සදහා අද දින යොමුකිරිමට නියමිතව තිබුණි. සැකකරු හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.