(චන්ද්‍රසේන ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම්)
බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාව මත තංගල්ල මූලස්ථාන පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (22) රාත්‍රීයේ තංගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලෑබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එම දැරියගේ මව සමග මෙම උප පොලිස් පරීක්ෂකවරයා අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බවත් මව හමු වීමට ඇගේ නිවසට යන එන අතරතුරදී මෙම අපරාධය සිදු කර ඇති බවත් පොලීසියට තොරතුරු ලැබී තිබේ.
දැරියගේ දෙමාපියන් අතර වූ පවුල් ආරවුලක් මත කරන ලද පැමිණිල්ලක් තංගල්ල පොලිසියේදී විභාග කරන අතරතුරදී මෙම සිද්ධිය අනාවරණය වී තිබේ.

