පැලවත්ත මිරිස්වත්තේදී අද (3) උදෑසන පැහැර ගැනුණු 9 හැවිරිදි දැරියක් කොස්කැටිය කැලේ සඟවාගෙන සිටියදී මීගහතැන්න පොලිසිය විශේෂ මෙහෙයුමක් කර බේරාගත්තේය.
පැහැරගත් පුද්ගලයා පැලවත්ත වැවට පැන පළා ගිය බව පොලිසිය කියයි.
ළමයාගේ මවගේ නැගණියගේ අනියම් සැමියා මෙම පැහැරගැනීම සිදුකළැයි අනාවරණය වී ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති බවත් පොලිසිය කියයි.

