තරිඳු ජයවර්ධන
උදේ ආහාරය නොගෙන පාසලට ආ දැරියක වමනය කළ පසු ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් නෙරපූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයේ උපදෙස් පරිදි අනුරාධපුර කාර්යාලයේ නිලධාරීන් පිරිසක් දැරියගේ නිවසට ගොස් ප්‍රකාශ සටහන් කර ගත් බව එහි ආරංචි මාර්ග කියයි.
ලබන සතියේ එම පාසලේ විදුහල්පතිනිය ඇතුළු අධ්‍යාපන නිලධාරීන් කොළඹ කාර්යාලයට කැඳවන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත්වල පළ වූ වාර්තා සැලකිල්ලට ගෙන පැමිණිල්ලකින් තොරව පරීක්ෂණ ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

