දැරිය අලෙවි කළ රියදුරෙකු වෙන්නප්පුවෙන් අත්අඩංගුවට


චන්දන ප‍්‍රනාන්දු                                                                
                                  
වයස අවුරුදු 15 ක දැරියක් මුදලට අලෙවි කළැයි කියන ත‍්‍රීවිල් රථ රියදුරෙක් අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.                                                                                                                                                                       
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තඹරවිල ප‍්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.
                                                                            
තම ඥාති දියණියක්ව ත‍්‍රිවිල් රථයක දමාගෙන හෝටලයකට රැගෙන යන බවට අගතියට පත් දැරියගේ ඥාතියෙක් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ත‍්‍රිවිල් රථ රියදුරාගේ අනියම් බිරිඳ කියන තැනැත්තියක්වද මෙම සිදුවීමට සම්බන්ධ වී ඇති බවට තිබෙන තොරතුරු මත අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය කීය.
                                                                    
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පළමු වරට දැරියගේ නිවස අසල පදිංචි සැකකරු හා ඔහුගේ අනියම් බිරිඳ කියන තැනැත්තිය විසින් කොස්වත්ත ප‍්‍රදේශයේ ලැඟුම්හළකට දැරියව ගෙන ගොස් ඇති බවත් එදින දැරියව විවිධ පුද්ගලයන්ට අලෙවි කර නිවසට පැමිණිමේදී රුපියල් 4000ක මුදලක් දැරියට ලබා දී ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.
          
මෙම බාලවයස්කාර  දැරියව මිලදී ගෙන අතවරයට ලක්කළ පුද්ගලයන්වද සොයා පරික්ෂණ සිදු කරන බවත් දැරියව වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල් ගත කිරිමට නියමිතය.