සිරාජ් හසීම්
නව හැවිරිදි පාසල් දැරියක අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියකට වරදකරු වූ විදුහල්පතිවරයෙකුට යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතා අද බරපතල වැඩ සහිත දසවසරක සිරදඬුවම් නියම කළේය.
අගතියට පත් දැරිය හට රුපියල් දස ලක්ෂයක වන්දියක් සහ රුපියල් පන්දහසක දඩයක්ද නියම කළ අධිකරණය වන්දි මුදල සහ දඩ මුදල නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිත තවත් දෙවසරක සිරදඬුවමක් සහ මාසයක සිරදඬුවමක්ද නියම කෙරිනි.
යාපනය නාරන්තනෙයි ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන නව හැවිරිදි දැරියක පාසලේ විදුහල්පතිවරයා විසින් 2009 නොවැම්බර් 1 වනදා සිට 2010 දෙසැම්බර් 26 තෙක් කාල සීමාව තුළ අවස්ථා කිහිපයකදීම අපයෝජනය කළේ යැයි කියන සිද්ධියට අදාල නඩුවේ තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා මෙම දඬුවම නියම කළේය.