දැරණියගල ඝාතන සිද්ධියේ සැකකරු අත්අඩංගුවට


(ඉන්දිකා රාමනායක)

දරණියගල  රංවල , මාලිබොඩ ප‍්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු හා කාන්තාවක් ඝාතනය කර ඇයගේ දරු දෙදෙනාට තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරු අද (27) වත්තක සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

තිදෙනකු අතර ඇති වු අනියම් සම්බන්ධයක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුව තිබේ. සැකකරු  රංවල මාලිබඩ පදිංචි (27) හැවිරිදි  තරුණයෙකි.

සැකකරු සහ මියගිය කාන්තාව අතර අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන අතරේ  ඇය දැනට ඝාතනය ලක්වු පුද්ගලයා සමඟ ද අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

මෙම සිද්ධිය මත තිදෙනා අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් සැකකරු මෙම ඝාතනය සිදුකර ඇත.