දැරණියගල අලියා ජයගනී


කෑගල්ල දැරණියගල ආසනය වැඩි ඡන්ද 1794 කින් ජයගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 24468ක් හා එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 22674ක් ලබාගෙන ඇත.

2015 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දැරණියගල ආසනය 28741ක් ඡන්ද ලබා ජයග්‍රහණය කළේය. එහිදී මෛත්‍රිපාල සිරිසේන මහතා ලබාගත්තේ ඡන්ද 23648කි.

මෙම ආසනයේ සංවිධායක ධූරය මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ රුක්මන් සේනානායක මහතාට ලබාදුන්නේය.