දැයේ මිණි මුතු රකින පාද චාරිකාව ඉරිදා


“සියලුම ළමයින් පණ මෙන් සුරකිමු”තේමාව යටතේ ටොරින්ටන් පෙදෙසේ ජාතික රූපවාහිනිය අභියසදී ලබන ඉරිදා (25) උදේ 7 ට  පාගමනක් අරඹන  බව ඖෂධ හා අන්තරායක පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා  කියයි.

වර්තමානයේ උද්ගත වී ඇති ලිංගික අපචාර, කාන්තා හිංසන පිටු දැකීම මෙහි ප්‍රධාන අරමුණ බවත් වැඩිහිටියන්ගේ නොසැලකිල්ල සහ නොදැනුවත්කම නිසා  ළමයින්ට සිදුවන හානි වළක්වා  ගැනිම දැනුවත් කරන බවත් ඔහු කියයි.