දැයට කිරුළට ලක්ෂ පහක්
දැයට කිරුළ ප්‍රදර්ශනයේ තුන් වැනි දිනය වූ අද(6) සවස් වන විට ලක්ෂ පහකට ආසන්න ජනතාවක් ප්‍රදර්ශනය නැරැඹීමට පැමිණි බව ප්‍රදර්ශනය බාර ලේකම් කාර්යාලයය කියයි. පසුගිය වසර වල දැයට කිරුළ ප්‍රදර්ශනය දිනෙන් දින විවිධ නම් වලින් හැඳින්වුව ද මෙවර අමාත්‍යංශ රැසක් මේ සඳහා ඉදිරිපත් වී ඇති නිසා සමාරම්භක දිනය හා අවසන් දිනය වශයෙන් දින දෙකක් පමණක් විශේෂිතව සලකන බව එම කාර්යලයෙ නිලධාරිනියක් කීවාය.

