දැයට කිරුළ පාපැදි තරගය: පළමු අදියරේ ශූරයා නිලංග
අනුරාධපුර ඔයාමඩුවේදී පැවැත්වෙන 6 වන දැයට කිරුළ” ප‍්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන පාපැදි තරගයේ පළමු අදියර ජයගැනීමට ශ්‍රී ලංකා පොලීසියේ සුධීර නිලංග සමත්විය. තරගයේ පළමු අදියර ඊයේ (01 වැනිදා) අවිස්සාවේල්ලේදී අවසන් විය.
ඊයේ උදෑසන 8.40ට තංගල්ල නගරයේදී ආරම්භක සංඥාව නිකුත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා විසිනි. තංගල්ලේ සිට කිලෝමීටර 160ක් පමණ දුරක් ගෙවමින් වීරකැටිය, ඇඹිලිපිටිය, පල්ලෙබැද්ද, ගොඩකවෙල, කහවත්ත, රත්නපුරය, හරහා අවිස්සාවේල්ල දක්වා පැමිණ පළමු අදියර නිමාවිය.
පළමු දිනයේ තරගය සඳහා තරගකරුවන් 118 දෙනෙකු සහභාගි වූ බව තරග අධ්‍යක්‍ෂ ආර්.එන්.ජී. රණතුංග මහතා පැවසීය. අද (02) තරගය අවිස්සාවේල්ල නගරයෙන් උදෑසන 8.30 ට ආරම්භ කිරීමට නියමිතය. දෙවන අදියරේ තරගයේ දුර ප‍්‍රමාණය කිලෝමීටර් 116කි.
ඉදිරියයෙන් පැමිණි කී‍්‍රඩකයෝ
1. සුධීර නිලංග- (ශ්‍රී ලංකා පොලිසිය), 2. ශිරාන් නධීර - (ගුවන් හමුදාව), 3. සමීර චතුරංග (යුද හමුදාව), 4. කිවිසුරු කරුණාරත්න (යුද හමුදාව), 5. ප‍්‍රසන්න ප‍්‍රදීප් මැඩෝසා (ලංකා ජර්මන් කී‍්‍රඩා සමාජය)

