දැන් නම් දේදුනු පායා ඇත රුහුණේ


ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මොනරාගල, හම්බන්තොට හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල නියං තත්ත්වයක් ඇතිවිය හැකි යැයි ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මෙම වර්ෂයේ සැප්තැම්බර් මස අග භාගයේදී මෙම නියං තත්වයක් බලාපොරොත්තු විය හැකි යැයිද අනුරාධපුර, පුත්තලම, කුරුණෑගල, වව්නියා හා මහියංගණය යන ප්‍රදේශවල නියං තත්ත්වය ගැන ජල සම්පාදන මණ්ඩලය පරීක්ෂාකාරීව සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

මෙම තත්ත්වය පාලනය සඳහා ප්‍රදේශ බාර දිසාපතිවරුන්ගේ හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් විවිධ ක්‍රියා මාර්ග සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් කියති.  එම ප්‍රදේශවල ජනයාට දිනකට ජල ලීටර ලක්ෂ දෙකක් පමණ එක් එක් ප්‍රදේශ්වලට සැපයීමේ සූදානමක්ද පවතින බව එම නිවේදනයේ සඳහන්වේ.

වියළි කලාපයේ සිටි මොනරා, නරියා, කුරුල්ලෝ වැනි සතුන් දැන් තෙත් කලාපයට සංක්‍රමණය වී ඇති බව පරිසරවේදීහු කියති. මේ දිනවල හම්බන්තොටට හා කතරගමට මහා වැසි ඇද හැළෙයි. කුරුණෑගලට පොද වැසි තත්ත්වයක් පවතී.

horizon_2015828web1