
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ )
දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 8 ම අද (23) උදෑසන සිට විවෘත කළ බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්‍යාලය කියයි.
දැදුරුඔය ඉහළ සහ මධ්‍ය ජලධාරා ප්‍රදේශවලට ඊයේ දිනයේ පැවැති අධික වර්ෂා තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබේ.
ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි 06 බැගින්ද දොරටු හතරක් අඩි 04 බැගින් සහ ඉතිරි තොරටු දෙක අඩි 02 බැගින්ද විවෘත කර ඇත.
ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 22250 ක ජල පරිමාවක් මුදාහරින බව වාරි ඉංජිනේරු කාර්‍යාලය කියයි. මේ හේතුවෙන් වාර්මාර්ග දෙපාර්තමේන්තුව විසින් දැදුරුඔය ද්‍රෝණිය ගංවතුර අවදානම් කළාපයක් බවට පත්කර ඇත.
එම නිවේදනය 2025.11.24 දින මධ්‍යහ්න 12.00 වනතුරු බල පැවැත්වෙන අතර වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, රස්නායකපුර, බිංගිරිය, හලාවත, ආරච්ව්කට්ටුව සහ පල්ලම යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල දැදුරුඔය ආශ්‍රිත පහල ප්‍රදේශ වලට ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බවත් එම ප්‍රදේශවල ජනතාව සහ දැදුරුඔය ආශ්‍රිතව ඇති මාර්ග පරිහරණය කරන පිරිස් අවධානයෙන් කටයුතු කරන ලෙස නිවේදනයෙන් දන්වා ඇත.

