( ජුඩ් සමන්ත)
දැදුරුඔ ජලශයේ වාන් දොරටු 07 ක් විවෘත කිරීම හේතුවෙන් තත්ත්පරයට ජලය ඝන අඩි 7500 ක් දැදුරු ඔයට මුදා හැරෙන බැවින් පහත් ප්‍රදේශ වල පදිංචිකරුවන් ඒ සම්බන්ධව අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක් කරන බව පුත්තලම ආපදා කලමනාකරණ ඒකකය පවසයි.
අද (17) දහවල් වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 02 බැගින්ද,දොරවල් 02 ක් අඩි 01 බැගින්ද,දොරවල් 01 ක් අගල් 06 බැගින් සහ දොරවල් 02 ක් අගල් 02 බැගින් විවෘත කර ඇත.
වාන් දොරටු විවෘත කිරීමත් සමඟ දැදුරුඔය ජලාශයේ සිට තත්ත්පරයට ජලය ඝන අඩි 7500 ක් දැදුරුඔයට මුදා හැරේ.
මෙම තත්ත්වය නිසා දැදුරුඔය පහළ කොටසේ එනම්,හලාවත,පල්ලම සහ ආරච්චිකට්ටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පදිංචිකරුවන් අවධානයෙන් පසුවිය යුතු බවද පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි.
මේ අතර,කලාඔයේ ජල මට්ටම ඉහල යාම නිසා පුත්තලමේ සිට එළුවන්කුලම හරහා මන්නාරම දක්වා ඇති මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණ හිට ඇත.
එළුවන්කුලම ප්‍රදේශයේ කලාඔය හරහා ඇති සපත්තු පාලම මතින් අඩි 01 ක පමණ ජලයක් ගලා යාම නිසා වාහන ගමනා ගමනය අනතුරු දායක බවද අපදා කළමණාකරන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.