දැදුරුඔය වාන් අරියි


(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 06 ක් අද (18) දහවල් සිට විවෘත්ත කර ඇති බව ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්‍යාලය සඳහන් කරයි.

දැදුරුඔය ඉහළ ධාරා ප්‍රදේශවලට  අද ලැබුණු අධික වැසි තත්වය හේතුවෙන් අද උදෑසණ වන විට දැදුරුඔය ජලාශය පිටාර මට්ටමට පැමිණි බවද එම කාර්‍යාලය කියයි.

වාන්දොරටු හතරක් අඩි 04 බැගින් සහ තවත් දෙකක් අඩි 02 බැගින් විවෘත්ත කර ඇති අතර ඒ හේතුවෙන් ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝණ අඩි 11,150 ක ජල පරිමාවක් මුදාහැරෙන බවද වාරි ඉංජිනේරු කාර්‍යාලය පැවසීය.

කෙසේ වෙතට්ජ් මෙම තත්වය දැදුරුඔය පහළ ප්‍රදේශ වලට කිසිසේත්ම ගංවතුර තත්වයක් නොවන බවද නිවේදනයේ සඳහන් වේ.