දැදුරු ඔය අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර අවදානමක්


 

(සුජිත් හේවාජුලිගේ)

දැදුරු ඔය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගංවතුර තත්වයක් ඇති විය හැකි බවට  වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට  අනතුරු ඇඟවීමක් කරයි  . 

දැදුරු ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව  එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළෙය.

එමෙන්ම දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර මේ වනවිට ත්ත්තපරයට ඝන අඩි 19,400ක් තරම් සීඝ්‍රතාවයකින්  ඔයට ජලය මුදා හැරෙමින් පවතින බවත් ජලාශයට ලැබෙන ජල ධාරිතාවය අනුව මෙම ප්‍රමාණය ඉදිරියේදී තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බවත්  නිවේදනයේ  දැක්වෙයි.