(සුජිත් හේවාජුලිගේ )
දැඩිසත්කාර ඒකකවල ඇඳන් පාවිච්චිය පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ඉහළ ගොස් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය .
කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සංඛ්‍යාවද මේ සතිය වන විට ඉහළ ගොස් ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය සතියේදී කොරෝනා මධ්‍යස්ථාන පැවතියේ 149කි.එය මේ සතිය වන විට 168ක් දක්වා ඉහළ ගොස් ඇත .
පසුගිය සතිය වනවිට දැඩිසත්කාර ඒකක ඇඳන් පාවිච්චි වූයේ 60ක් බවත් එය පෙරේදා වනවිට හැත්තෑවක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය .
මුළු දිවයිනෙන්ම ඊයේ (30) දිනයේ දී වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2859කි.ඉන් වැඩිම පිරිසක් එනම් 608ක්ම වාර්තාවූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
දෙවනුව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි . එම සංඛ්‍යාව 547කි.

