දානය වරදී
පාසල් නිල ඇඳුම් හා සිවුරු නොමිලේ බෙදීමේ ජාතික උත්සවයට පොළොන්නරුව රාජකීය විදුහලට වැඩම කළ පිරිවෙන් භික්ෂූන්ගේ දානය වැළඳීමේ වේලාව ගැන එහි සංවිධායකවරු නොතැකූ බව ඇතැම් භික්ෂූන් වහන්සේ කියති.
අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන හා සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන ආරාධිතයෝ වූහ.
අධ්‍යාපන ඇමතිවරයා මිනිත්තු 35කට ආසන්න තම කතාව අවසන් කර භික්ෂූන් වහන්සේට සිවුරු පිරිනැමීම අරඹන විට වේලාව දහවල් 12.20 ඉක්මවා තිබිණි.
පොලොන්නරුවේ බොහෝ ඈත පළාත්වලින් ඇතැම් භික්ෂූන් වහන්සේ වැඩම කළ සිටියහ.

