දාගැබට නැග ඡායාරූප ගත් සරසවි සිසුන් 7 දෙනා රිමාන්ඩ්


(උපාලි ආනන්ද සහ පැතුම් දර්ශන)  
             
ඓතිහාසික කිරළාගල දාගැබ මත නැගී දාගැබට අපහාස වන අයුරින් ඡායාරූප ලබාගෙන අන්තර්ජාලයට මුදාහැරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 7 දෙනා පෙබරවාරි 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ අල්විස් මහතා අද (24) නියෝග කළේය.      
           
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අග්නිදිග සරසවියේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 7දෙනෙකි.     
                                               
පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථානයක දාගැබක් මත නැගී ඡායාරූප ගෙන ඒවා මුහුණු පොතට මුදාහැර අදාළ දාගැබට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම සැකකාර සිසුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
                                       
ඓතිහාසික කිරළාගල දාගැබ පිහිටා ඇත්තේ  හොරොව්පොතාන මැදවච්චිය මාර්ගයේ හොරොව්පොතානේ සිට කිලෝමීටර් 7ක් ගිය පසුය.