ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය වසර 11 කට පසුව වයස 23 න් පහළ ක‍්‍රිකට් ශූරතාව දිනා ගනියි


ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය වසර 11 කට පසුව වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පසුගිය සති අන්තයේ පැවැති අවසන් මහා තරගයේදී අෂාන් ප‍්‍රියංජන්ගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ සංගම් පිල හලාවත මේරියන්ස් පිලට එරෙහිව කඩුලූ හතරක ජයක් ලබා ගැනීමට සමත් විය. ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය අවසන් වරට 1999 වසරේ සාගර කුමාරගේ නායකත්වයෙන් වයස 23 න් පහළ , වැනි කොටසේ ශූරතාව දිනා සිටියේය. හලාවත මේරියන්ස් පළමු ඉනිම 247 (බුද්ධි සමරවික‍්‍රම 66, සනත් සිල්වා 39, අකිල ජයසුන්දර 29, ප‍්‍රමෝද් පතිරණ 78/4, ලෙවන් හැලඹගේ 29/2, හසිත ඉලංගරත්න 48/2) සහ දෙවැනි ඉනිම 170 (බුද්ධි සමරවික‍්‍රම 61, උමේෂ් කරුණාරත්න 28, ළහිරු වේරගල 26, චමෝද් පතිරණ 26/3, ශෂේන්ද්‍ර ගුණතිලක 18/2) ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම 207 (කිත්රුවන් විතානගේ 79, රෂ්මිලාන් මධුරංග 28, ලෙවන් හැලඹගේ 28, අමිත් එරංග 26, සචිත් පතිරණ 33/4, උමේෂ් කරුණාරත්න 50/3, මධුසංඛ ඒකනායක 41/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 211 (දෙනුවන් රාජකරුණා 60, අමිත් එරංග 39, අෂාන් ප‍්‍රියංජන් නොදැවී 54, සචිත් පතිරණ 87/5)