ද්විත්ව පුරවැසිකම ඔප්පුවුණොත් මන්ත්‍රී ගෙදර


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

අනුව ද්විත්ව පුරවැසි භාවය ඇති කෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට සුදුස්සකු නොවන බවත්, එවැනි කෙනකු මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුව සිටිය දී අධිකරණ නඩු විභාගයකින් ද්විත්ව පුරවැසිභාවය ඔප්පුවුවහොත් මන්ත්‍රී ධුරය අහිමි වන බවත් නීතීඥ ලාල් විජේනායක මහතා කියයි.

එය සම්පූර්ණ ලැයිස්තුවට බල නොපාන බවද, එය බලපාන්නේ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් පමණක් බව ද විජේනායක මහතා පවසයි.