(චමිල් රූපසිංහ)
මහනුවර පන්විල ප්‍රදේශයේ දළුක් ඔයේදී දිය නෑමට ගිය පස්දෙනකු දියේ ගසාගෙන යාමෙන් සිව්දෙනකු මියගොස් අයෙක් අතුරුදන්ව තිබේ. මියගොස් ඇත්තේ කාන්තාවන් තිදෙනකු සහ පිරිමි අයෙකි. තවත් පිරිමි අයෙක් අතුරුදන්ව සිටී.
මහනුවර හුළු ගඟේ අතු ගංගාවක් වන දළුක් ඔයේදී දිය නෑමට ගොස් ඇති මෙම පිරිස කොළඹට ආසන්න ප්‍රදේශයක ඇඟළුම් කම්හලක සේවක සේවිකාවන් බව දිගන පොලිසිය කියයි.

