(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )
මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වසාදමන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
දළදා වීදියේ නයිට් බසාර් පැවැත්වීම ගැන මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ද අප්‍රසාදය පළ කර තිබූ බව ඇමතිවරයා සඳහන් කළේය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික් එ.ජා.ප මන්ත්‍රී එම්. වේළුකුමාර් මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.
බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී පැවසුවේ තමාට ද මේ ගැන පැමිණිලි ලැබී තිබූ බවයි.

