(මහින්ද නිශ්ශංක)
සිරි දළදා වන්දනාවට සහභාගි වී ජනතාවට ආපසු එන්නට පමණක් මහනුවර සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් හෙට (27) දිනයේත් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද (26) දිනයේත් ධාවනය කෙරෙන මෙම විශේෂ දුම්රිය රාත්‍රී 8.30 ට මහනුවර දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා පිටත්වීමට නියමිත බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් පසුගිය 18 දා සිට කොටුව හා මහනුවර අතර ධාවනය කළ විශේෂ දුම්රිය සේවා පසුගිය 24 දා සිට නතර කිරීමට දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.